දින දෙකකදී බදුල්ලේ කොවිඩ් මරණ 4ක්


බදුල්ල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙක්  4දා හා 5දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි .

මහියංගණය මූලික රෝහලේදී, දියතලාව  මූලික රෝහලේදී  හා බිබිල රෝහලේදී  අසාධිතයන් තුන් දෙනෙක් ඊයේ ජිවිතක්ෂයට පත්වූ අතර  දියතලාව මූලික රෝහලේදී අද තවත් ආසාධිතයෙක් ජීවිතක්ෂයට පත්විය .

මේ තත්වය නිසා දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක්  තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් කටයුතු කළ අතර බිබිල රෝහලේ  ද ගැටළුකාරි තත්වයක්  ඇතිවූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

බදුල්ල පාලිත ආරියවංශ



Recommended Articles